Gossips

කථානායකට එරෙහිව සහ මහමැතිවරණයක් ඉල්ලා, අදත් විරෝධතා

කථානායක කරු ජයසූරියට එරෙහිව සහ වහා මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඊයේ (17) සහ අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සහ විවිධ වැඩසටහන් පැවැත්වුණා.
හොරණ, වැලිමඩ, මැදවච්චිය, පුත්තලම සහ දෙහි ඕවිට ප්‍රදේශවල මෙම විරෝධතා පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මැදවච්චිය නගරයේ අද (18) දහවල් ප්‍රදේශවාසීන් සහ පලාත් පාලන නියෝජිතයින් විරෝධතාවක් නිරත වුණා.
පුත්තලම නගරයේ ද ඊයේ (17) කථානායකවරයාට එරෙහිව සහ මහමැතිවරණයක් ඉල්ලමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම හොරණ – භද්‍රකාලි කෝවිළේ දී කථානායකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පොල් ගසා දේව කන්නලව්වක නිරත වුණා.
මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් කටාන නගරයේ දී අද (18) යතුරුපැදි පෙළපාලියක් ක්‍රියාත්මක කළා.