Gossips

එජාපයේ බලාපොරොත්තුව

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී පවතින අස්ථාවරභාවය නිමා කිරීමට අවස්ථාව උදා වනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අරලියගහ මන්දිරයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මේ බව කියා සිටියා.
එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ආශු මාරසිංහ ද එක්ව සිටියා.
මේ අතර, හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්වීම සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් පස්වරු 7 ට අරලියගහ මන්දිරයේදී රැස්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේ.