Gossips

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී නැහැ – සන්ධාන මහ ලේකම්

එක්සත් ජාතික පක්ෂය සමග අත්සන් කළ ජාතික ආණ්ඩු ගිවිසුමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වී නොමැති බව එහි මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ජාතික ආණ්ඩුවේ වලංගුභාවය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (20) කළ කරුණු විමසීමට පිළිතුරු ලෙසයි නිදහස් සන්ධාන මහ ලේකම්වරයා මෙම ප්‍රකාශය සිදුකළේ.
ඊට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ ජාතික ආණ්ඩු ගිවිසුම ඉදිරියටත් පවත්වාගෙන යන බවයි.