Gossips

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ වැඩ 90% ක් අවසන්

මොරගහකන්ද ජලාශයට ජලය නිකුත් කෙරෙන කළුගග වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු සියයට 90 කින් පමණ අවසන් බව නේවාසික ඉංජිනේරු හේමන්ත දැදිගම පවසනවා.
දිගින් කිලෝමීටර් 7 යි දශම 8 යි 5 ක උමං මාර්ගයකින් යුත් මෙම ජලාශයේ ජල ධාරිතාව ඝණ මීටර් මිලියන 248 ක්.
උසින් අඩි 68 ක් වූ ගල් පිරවූ ප්‍රධාන වේල්ලට අමතරව, උසින් අඩි 28 ක් වූ සදැලි වේල්ලකින් ද කළු ගග ජලාශය සමන්විතයි.
කළු ගග ජලාශයේ ප්‍රධාන වේලි ඉදිකිරීමේදී කුවේට් සංවර්ධන අරමුදල මගින් ඇමරිකානු ඩොලර් මිලියන 33 යි දශම 1 යි 3 ක් ලබා දී ඇති අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල මගින් ද ඇමරිකානු ඩොලර් 16 මුදලක් ලබාදී ඇති බව සදහන්.
තත්පරයට ඝණ මීටර් 35 ක වේගයකින් මොරගහකන්දට ජලය සැපයෙන මෙම ජලාශයේ වැඩකටයුතු ලබන මස සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිත බවයි නේවාසික ඉංජිනේරු හේමන්ත දැදිගම ප්‍රකාශ කළේ.