Gossips

සර්ව පාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (18) ප.ව 5.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වෙනවා.
පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලූ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම හමුව කැඳවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයන්ට මීට සහභාගීවීමට ආරාධනා කර ඇති අතර, කථානායක ගරු කරූ ජයසූරියට ද මෙම හමුව සදහා ආරාධනා කර තිබෙනවා.