Gossips

තෙල් මිල ඉහළ නංවන්න සෞදිය ඇමරිකාවට සැපයුම් අඩු කරයි

ලෝක වෙළදපොලේ බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමත් සමග තෙල් මිල ප්‍රකෘතිමත් කිරීමේ පියවරක් ලෙස සෞදි අරාබිය ඇමෙරිකාවට සපයන තෙල් සැපයුම් කපා හැර ඇති බව වාර්තා වනවා.
මෙම සැපයුම් කප්පාදුව පසුගිය මාස දෙක තුළ ක්‍රමානුකූලව සිදුවූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ජූලි සහ අගෝස්තු මාසවලට සාපේක්ෂව එලෙස තෙල් සැපයුම දිනකට බැරල් මිලියනයකින් කපා හැර ඇති බව ව්‍යාපාරික වෙබ් අඩවියක් ප්‍රකාශ කළා.
ඇමරිකාවේ තෙල් සංචිතය ලෝක වෙළද පොලේ තෙල් මිල කෙරෙහි ඍජුව බලපාන්නක්.
පසුගිය සති 6 මුළුල්ලේ තෙල් මිල පහත වැටෙමින් පවතින අතර, බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 66 යි ශත 76ක් ලෙසයි.