Gossips

සකර්බර්ග්ට ඉල්ලා අස්වන්නැයි බලපෑම්

ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ මාක් සකර්බර්ග්ට එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වන බව වාර්තා වනවා.
ෆේස්බුක් ආයෝජකයන් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ආයතනයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් අනුගාමිකයින් සතු මහජන සම්බන්ධතා ආයතනයක සේවය ලබා ගැනීම හේතුවෙන්.
එම මහජන සබඳතා ආයතනය ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම නිසා අපකීර්තියට පත්වූ ආයතනයක් බව සඳහන්.
කෙසේ නමුත්, සකර්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ආයතනයේ දේශපාලන සම්බන්ධය තමා නොදැන සිටි බවයි.