Gossips

පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ දේහය නාරම්මල ශ්‍රී සීලවතී පිරිවෙන වෙත

පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ තැන්පත් කර තිබූ අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර නාරම්මල – ශ්‍රී සීලවතී පිරිවෙන බලා ගමන් ආරම්භ කර තිබෙනවා.
පේරාදෙණිය සාරානන්ද පිරිවෙනේ තැන්පත් කර තිබූ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඊයේ (21) අලූයම අපවත්වන විට 80 වන වියේ පසුවුණා.
අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සෙනසුරාදා අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.