Gossips

මිරිස්ස නොසන්සුන් කළ වායු කාන්දුව

වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ පිහිටි අයිස් නිෂ්පාදනාගාරයක, වායු නලයක සිදුවූ වායු කාන්දුවක් ⁣හේතුවෙන් අද (17) අලුයම එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් පැවති බව වැලිගම පොලිසිය පවසනවා.
අද (17) අලුයම මෙම සිදුවීම සිදුව ඇති අතර අයිස් නිෂ්පාදනාගාරයේ යන්ත්‍රයක ජලය මිදවීමට උපයෝගි කරගන්නා ප්‍රියෝන් වායු නලයක මෙම කාන්දුව සිදුව තිබෙනවා.
වායු කාන්දුව හේතුවෙන් අයිස් නිෂ්පාදනාගාරයේ අවට ජීවත්වන ජනතාව ස්වසන අපහසුතාවයකට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය දැනුවත්කර ඇති බව සඳහන්.
ඒ අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරික්ෂාකර ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වායුව අධික සැර ගතියකින් යුක්ත වීම නිසා තමන්ට හුස්ම ගැනීමේ අපහසුතා පැවති බවයි.
ප්‍රියෝන් වායුව කිලෝග්‍රෑම් 60ක් පමණ නිෂ්පාදනාගාරයේ ගබඩා කර තිබූ බවත් එයින් කිලෝග්‍රෑම් 03ක් පමණ වායු ප්‍රමාණයක් මෙලෙස කාන්දුවී ඇතැයි වාර්තා වනවා.
සිද්ධියෙන් කිසිවෙකුට හානියක්⁣ සිදුව නොමැති මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැලිගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.