Gossips

කශෝගි ඝාතනයට අණ දුන්නේ සල්මාන් කුමරු බවට CIA හෙළිදරව්වක්

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු ඍජුවම සම්බන්ධ බවට ඇමරිකානු CIA ඔත්තු සේවාව හෙළිදරව්වක් සිදුකළා.
ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ සෞදි තානාපති මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ සොහොයුරු කාලිඩ් බින් සල්මාන්, ජමාල් කශෝගිට ලබාදුන් දුරකථන ඇමතුමක් ද පරීක්ෂාවට ලක් කිරීමෙන්.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගොස් දික්කසාද ලේඛන ලබා ගන්නා ලෙසත්, ඔහුට එහිදී ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් කාලිඩ් බින් සල්මාන්, කශෝගිට පවසා තිබෙනවා.
එම දුරකථන ඇමතුම ලබාදීම සඳහා උපදෙස් දී ඇත්තේ මොහොමඩ් බින් සල්මාන් කුමරු බවට සී.අයි.ඒ. සංවිධානය හෙළිදරව් කරගෙන ඇති කරුණක්.
පසුගිය ඔක්තෝම්බර් 2 වන දා කොන්සල් කාර්යාලය තුළ දී කශෝගි, සෞදි නියෝජිතයන් විසින් ඝාතනය කර ඔහුගේ සිරුර ඇසිඩ්වල දිය කර විනාශ කළ බව පසුව හෙළිදරව් වුණා.