Gossips

අකුරැස්ස – හුලන්දාව ප්‍රදේශයේ විරෝධතාවක්

පහරදීමේ සිද්ධියකට පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අකුරැස්ස – දෙණියාය ප්‍රධාන මාර්ගයේ හුලන්දාව ප්‍රදේශයේ අද (21) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ විරෝධතාව හේතුවෙන් අකුරැස්ස – දෙණියාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු පැයක පමණ කාලයක් අවහිර වී තිබූ බවයි.
කෙසේ වෙතත්, පොලීසිය මැදිහත්වීමෙන් අනතුරුව විරෝධතාකරුවන් මේ වනවිට විසිර ගොස් තිබෙනවා.