Gossips

ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින දෙක තුළ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පස්වරු 2න් පසුව මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තද සුළං තත්ත්වයක් ද එම ප්‍රදේශවල තාවකාලිකව ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.