Gossips

රත්නපුර රිය අනතුරකින් කාන්තාවක සහ කුඩා දරුවෙකු මරුට

රත්නපුර – කලවාන මාර්ගයේ නිවිතිගල – මාරපන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 2යි මාස 9ක් වූ කුඩා දරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.