Gossips

දියතලාවේ බස් රථයක වූ පිපිරීම ගැන අගමැතිගෙන් සහ නීතිය හා සාමය පිළිබඳ ඇමතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමට හේතුව මගියෙකුගේ ගමන් මල්ලක තිබූ අත් බෝම්බයක් බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින්.
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියාසිටියේ මෙම පිපිරීම සම්බන්ධයෙන් රජය නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ යුතු බවයි.
ඒ අනුව ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පිළිතුරු ලබාදුන්නා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී කියාසිටියේ මෙම සිද්ධිය පිළිබඳ යුද හමුදාව මුලික පරීක්ෂණ සිදු කර ඇති බවයි.
අත් බෝම්බයක් පුපුරාගොස් ඇතැයි එහිදී අනාවරණ වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එය යාපනයේ සිට පැමිණී මගියෙකුගේ ගමන් මල්ලක තිබු බෝම්බයක් බවට තොරතුරු ලැබී ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ද මෙහිදී සිද්ධිය පිළිබඳ කරුණු පැහැදිළි කලා.
අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ රජයේ රස පරීක්ෂකවරයා මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවයි.
මුලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුර සිදුව ඇති බව ද පරීක්ෂණවලින් පසු වැඩිදුර තොරතුරු ලබාදිය හැකිවනු ඇතැයි ද අමාත්‍ය සාගල රත්නායක කියාසිටියා.
මගියෙකුගේ ගමන් මල්ලක තිබු බෝම්බයක් මෙලෙස පුපුරාගොස් ඇතැයි හෙළිවී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලැබූ අතර යුද හමුදා සාමජිකයන් 7 දෙනෙකු, ගුවන් හමුදා සාමාජිකයන් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු ඒ අතර වනවා.