Gossips

බ්‍රිතාන්‍ය අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක් එන ලකුණු

යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය එල්ල වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.
2016 වසරේ පැවති ජනමත විචාරණයේ ප්‍රතිඵලයට අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම ලබන වසරේ මාර්තු 29 වන දා අවසන් විය යුතුයි.
ඒ සඳහා අගමැතිනී තෙරේසා මේ, යුරෝපා සංගමය සමඟ එකඟ වූ කරුණු කන්සර්වටිව් පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනි බවට චෝදනා කරමින් මන්ත්‍රීවරුන් රැසක් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වුණා.
එමෙන්ම එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 48 දෙනෙකුගේ අත්සනින් යුතුව ඇයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව සඳහන්.
එසේ වුවහොත් බහුතර ඡන්දයෙන් ඇයට අගමැති තනතුරේ තවදුරටත් රැදී සිටීමට හෝ ඉවත්වීමට සිදුවනු ඇති.