Gossips

2017 රිය අනතුරුවලින් 3153 දෙනෙකු මරුට

මාර්ග අනතුරු අවම කර ගැනීමට සැලසුම්සහගත වැඩපිළිවෙලක අවශ්‍යතාව පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය වසර ගණනාව තුළ ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි අනතුරු වැළැක්වීමේ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
රිය අනතුරු නිසා පසුගිය වසරේ පමණක් පුද්ගලයින් 3153 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් වාර්තා අනාවරණ කළා.
මාර්ග අනතුරු නිසා ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 8 දෙනෙකු මරණයට පත්වන අතර, ඉන් වැඩිම පිරිස අවුරුදු 15ත්, 44ත් අතර පසුවන්නන් බවටයි අනාවරණ වී ඇත්තේ.