Gossips

රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ ලෙන් 122 ක් හමුවෙයි

අම්පාර – රජගලතැන්න පුරාවිද්‍යා භූමියෙන් පුරාවිද්‍යා වටිනාකමින් යුත් ලෙන් 122ක් සොයා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අක්කර 983ක භූමි ප්‍රමාණයක මෙම ලෙන් පිහිටා ඇති බවයි.
එම ලෙන්වල ඇති විශේෂත්වය පිළිබදව පැහැදිලි කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච් වැඩිදුරටත් සඳහන් කළේ මෙම ලෙන්වල සුවිශේෂී සනීපාරක්ෂක පද්ධති ද සකස් කර ඇති බවයි.
මෙරට ඉතිහාසයේ මෙවන් ලෙන් හමුවූ පළමු අවස්ථාව මෙය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.