Gossips

මහමැතිවරණ පෙත්සමට, පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා මෝසමක්

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කෙරුණා.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය උදය ගම්මන්පිළ ඇතුළු 5 දෙනෙකු විසින්.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙම පෙත්සම් ගොනුකර තිබුණා.
පසුගිය දා මෙම පෙත්සම් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.
ඒ අනුව එම පෙත්සම් දෙසැම්බර් මස 4, 5, 6 යන දිනවලදී විභාගයට ගන්නා බවයි ශ්‍රේෂ්ඨාධිකරණය එදින ප්‍රකාශ කළේ.