Gossips

පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටි මන්ත්‍රීවරුන් ඉන් පිටව යයි

පාර්ලිමේන්තුවේ හට ගත් උණුසුම් තත්ත්වය හමුවේ සභා ගර්භයේ රැදී සිටි මැති ඇමතිවරුන් සියළු දෙනාම මේ වන විට ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.
එසේම ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ද සුළු තුවාල ලබා ඇති බව සඳහන්.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්, පාලිත තෙවරප්පෙරුමට සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරුන්ට විරෝධය පළ කරමින් කථානායක අසුන අවහිර කරමින් රැදී සිටීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හට ගත්තා.
අනතුරුව පස්වරු 2.15 පමණ කථානායකවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පැමිණියා.
එහිදී කථානායක අසුන වෙත නොපැමිණි ඔහු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මයික්‍රෆෝනයකින් සභාව අමතනු ලැබුවා.
එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පොලීසියට දෙසට ප්‍රහාර එල්ල කළ අතර, පසුව ස්ථාවර නියෝග අත්හිටුවා විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන බවයි කථානායකවරයා සදහන් කළේ.
අනතුරුව අත් ඔසවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය ඡන්දය ප්‍රකාශ කළ අතර, එය පිළි ගන්නා බව ප්‍රකාශ කරමින් කථානායක කරු ජයසූරිය පොලිස් ආරක්ෂාව මධ්‍යයේම පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගියා.