ඉන්ධන මිල රුපියල් 5 කින් පහළ දැමුව ද මේ මොහොතේ ගාස්තු අඩු කිරීමක් සිදුකළ නොහැකි බව බස් සංගම් පවසනවා.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හමුවේ බස් රථ අමතර කොටස් මිල ගණන් ඉහළ යාම නිසා තම සංගමයේ විධායක කමිටුව මෙම තීරණයට එළඹි බවයි.
මේ අතර, බස් ගාස්තු අඩු කිරීමක් සිදු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
කෙසේ වෙතත් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන සඳහන් කළේ පළමු කිලෝමීටරය සඳහා අය කරන මුදල රුපියල් පනහ දක්වා අඩු කිරීමට තම සංගමය බලාපොරොත්තු වන බවයි.
එහෙත් ජාතික ඒකාබද්ධ ත්රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ප්රධාන ලේකම් රෝහණ පෙරේරා සඳහන් කළේ ත්රිරෝද රථ අමතර කොටස් මිල ඉහළ යාම හේතුවෙන් මේ මොහොතේ කුලී ත්රිරෝද රථ ගාස්තු පහත දැමීමක් සිදුකළ නොහැකි බවයි.