Gossips

එංගලන්තය 131 / 4

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම මේ වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටිනවා.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 336 ක් ලෙස සටහන් වුණා.
පළමු ඉනිමේදී එංගලන්තය ලකුණු 285 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ ක්‍රීඩකයන් දෙදෙනෙකු කඩුලු අතර දිවීමේදී නිසි ලෙස සීමා ඉර සටහන් නොකිරීම නිසා එංගලන්ත කණ්ඩායමට අමතර ලකුණු 5 ක් ලබාදී තිබෙනවා.
ඒ අනුවයි, ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 290 ක් බවට පත්ව ඇත්තේ.