පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු තාවකලිකව නතර කෙරුණා.
මෙම ගැටුම ඇතිවුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයට එරෙහිව ඡන්ද විමසීමක් අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමත් සමඟයි.
කෙසේ වෙතත් මෙම නොසන්සුන් තත්ත්වය අතරතුර තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.
ඔහු මේ වන ටිටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
එහිදී ලබාගත් ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වලට මුදා හැර තිබෙනවා.
එම ජායාරූප පහතින්.