Gossips

කැලිෆෝනියාවේ ලැව් ගිනි වලින් මියගිය සංඛ්‍යාව 66 ක් වෙයි

උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි වලින් මියගිය ගණන 66 දක්වා ඉහළ ගෙස් තිබෙනවා.
මීට අමතරව පුද්ගලයින් 600 ක් පමණ අතුරුදන්ව ඇති බවයි කැලිෆෝනියා ප්‍රාදේශීය බලධාරින් උපුටා දක්වමින් විදෙස් පුවත්සේවා සදහන් කළේ.
අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය වනවිට දෙගුණ වී තිබීම ද විශේෂත්වයක්.
දින කිහිපයක සිට උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගින්නෙන් සියයට 50 ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට පාලනය කර ඇති බවයි එරට ආපදා සහන සේවා අංශ ප්‍රකාශ කළේ.