Gossips

සුචී ජාතික පාසලේ දෙමාපියන් පිරිසක් විරෝධතාවක (ඡායාරූප)

විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (21) උදෑසන විරෝධතාවක් පැවැත්වුණා.
හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිට පැවැත්වූ මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ එම පාසලේ දෙමාපියන් පිිරිසක් විසින්.
සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වන රෝහිණී කුමාර අතපත්තු කුරුණෑගල – වාරියපොල වයඹ පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පතිවරුන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩමුළුවට සහභාගි වී තිබුණේ පසුගිය 16 වනදායි.
ඊට පසු දින පුහුණුකිරීම් අතරතුර කඹයක් ආධාර කර ගනිමින් පැවති පුහුණුවකදී කඹය අතහැරී බිම වැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වුණා.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව, විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළුව තාවකාලිකව නතර කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබූ අතර, එමගින් දක්වා තිබුණේ මෙවැනි පුහුණුවීම් පෞද්ගලික ආයතන මගින් ලබාදීම ගැටළු සහගත බවයි.


ඡායාරූප- හම්බන්තොට, සනත් ගමගේ