Gossips

මැතිසබේ පිහිගැන පරීක්ෂණ

පාර්ලිමේන්තුවේ ඊයේ ඇතිවු ගැටුම අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතැතිව තිබූ පිහි සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ගැටුම අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ට තර්ජනය කරමින් පිහියකින් පහරදීමට උත්සාහ කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු පොලීසියට ඊයේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.
ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ද පිහියක් අතැතිව රැදී සිටි බවටයි මන්ත්‍රීවරයා එම පැමිණිල්ල ගොනුකරමින් සඳහන් කර ඇත්තේ.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කතානායකවරයාද දැනුවත් කිරීමට පාර්ලිමේන්තු පොලිසිය පියවර ගෙන තිබෙනවා. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළට පැමිණීමේදී සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරන බවත්, එසේ තිබියදී පිහි රැගෙන ඒම ගැටළු සහගත බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඊයේ මන්ත්‍රීවරුන් අත තිබුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ලබාගත් පිහි බවට සැක කරන බවයි පාර්ලිමේන්තු පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.