Gossips

ආදරවන්තයන්ගේ දිනය දා පන්තිකාමරයට වෙනස් දෙයක් ගෙනා සිසුවාට ගුරුවරයා දුන් අමානුෂික දඬුවම

පාසල් ගුරුවරයෙකු විසින් පන්තිකාමරයක් තුළදී සිසුවෙකුට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තාවන්නේ ඇමෙරිකාවේ පාසලකින්.
පසුගියදා තිබූ ආදරවන්තයින්ගේ දිනයදායි මෙලෙස ගුරුවරයෙකු විසින් සිසුවෙකුට අමානුෂිකව පහරදී ඇත්තේ.
චොකලට් එකක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් එම පහරදීමට හේතුව බවයි වාර්තා වන්නේ .
මෙලෙස ගුරුවරයා විසින් එම 14 හැවිරිදි සිසුවාට අමානුෂිකව පහරදීමත් සමඟ ඔහුගේ සේවය අත්හිටුවීමට බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා,
එම සිසුවා විසින් තම පන්තිකාමරය තුලට චොකලට් එකක් එදින ගෙනවිත් ඇති අතර ගුරුවරයා විසින් එය සින්ක් එකට දමා තිබෙනවා.
පසුව සිසුවාවිසින් නැවත එය ගැනීමට යාමේදීයි ගුරුවරයා විසින් සිසුවා ඔසවා පොළොවේ ගසා ඇත්තේ.
එම අවස්ථාවේ ගුරුවරයා විසින් අදාල සිසුවා ඔසවා පොළොවේ ගසන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්.