Gossips

අල්ලස් කෙමිසමට එරෙහිවූ නීතිඥ සංගමය

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්ට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගත් තීන්දුව අත්හිටුවමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා විසිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.
ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදී සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට අපරාධ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයුතු සහගත නීතිපති වාර්තා ලබාදීමේ චෝදනාව මත මොහු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරනු ලැබුවේ පසුගිය ජනවාරි 18 වනදායි.
අභියාචනාධිකරණ විනිසුරුවරයාට අමතරව හිටපු අගවිනිසුරු මෙන්ම නීතිපති මොහාන් පීරිස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.