Gossips

රන්ජන් රාමනායක සහ තෙවරප්පෙරුමට එරෙහිව පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක්

අද ඇති වූ ගැටුම අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ට තර්ජනය කරමින් පිහියකින් පහරදීමට උත්සාහ කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු තවදුරටත් පාර්ලිමේන්තු පොලීසියට සදහන් කර ඇත්තේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ද පිහියක් අතැතිව රැදී සිටි බවයි.
මේ අතර, අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළා.