Gossips

යළි දැනුම් දෙනතුරු උතුරේ ධීවර කටයුතුවලට තහනමක්

නැවත දැනුම් දෙනතුරු උතුරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා මුහුදු නොයන ලෙසට ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළි කුණාටුව මේ වනවිට උතුරු වෙරළ තීරයට කිලෝමීටර් 120 ක් පමණ ඈතින් ගමන් කරන බැවින් අද රාත්‍රියේ තද සුළං ඇතිවිය හැකි බවයි ඔහු සදහන් කළේ.
ඇතැම්විට එම සුළං පැයට කිලෝමීටර් 100 ඉක්මවිය හැකියි. ඒ අනුව, පොතුවිල් – ත්‍රිකුණාමලය – කන්කසන්තුරේ – මන්නාරම හරහා පුත්තලම යන වෙරළ තීර ප්‍රදේශවල මුහුදේ සුඟේ වේගය ඉහළ යා හැකි බවයි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.