Gossips

කතානායකවරයාට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා

වහාම මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් සහ කතානායකවරයාට විරෝධය පළ කරමින් අද ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.
හම්බන්තොට – මිද්දෙණිය, වීරකැටිය, අම්බලංගොඩ සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල මෙලෙස විරෝධතා පැවැත්වූ බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජනය කරන නියෝජිතයින් විසින් මෙම විරෝධතා සංවිධාන කර තිබුණා.
එමෙන්ම, කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් අද හික්කඩුව – සීනිගම දේවාලයේ දේව කන්නලව්වක් ද සිදුකර තිබෙනවා.