Gossips

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 139 ක් ලබා ගනී

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද, දිවා භෝජනය සදහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියා.
දිමුත් කරුණාරත්න ලකුණු 63 ක් රැස් කළ අතර, නොදැවී පන්දුවට පහරදෙන ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා සිටිනවා.
එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලූදෙනා දැවී ලකුණු සංඛ්‍යාව 285 ක් රැස් කළා.