Gossips

සිසු විරෝධතාවයක් නිසා කොළඹ – නුවර මාර්ගය යක්කල නගරයෙන් අවහිර වෙයි

කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගම්පහ යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයේ සිසුන් පිරිසක් ෙමි වන විට විරෝධතාවයක නිරත වනවා.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතිරුව යක්කල නගරයෙන් අවහිර කරමිනුයි සිසුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.
ආයුර්වේද විද්‍යාතනයේ සිදුවන සිසු මර්දනය නතර කරන ලෙස සහ අධ්‍යාපන කටයුතු සදහා පහසුකම් නොමැති බව පවසමින් මෙම විරෝධතාවය සිදුකරනවා.