Gossips

‘‘ගජ’’ සුළි කුණාටුවෙන් උතුරට තද වැසි සහ සුළං

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ මේ වනවිට එම සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝමීටර 650 ක් දුරින් ස්ථාන ගතවී ඇති බවයි.
ඒ හේතුවෙන් උතුර, උතුරුමැද පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේද උදෑසන කාලයේ සිට තද වැසි ඇතිවිය හැකි බවයි ඔහු කියා සිටියේ.