Gossips

පුද්ගලයින් මත් කර මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ රියදුරෙකු අත්අඩංගුවට

ත්‍රිරෝද රථයක් යොදාගනිමින් මහනුවර ප්‍රදේශයේ කොල්ලකෑම් රැසක් සිදුකළ පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොල්ලකන ලද රන් භාණ්ඩ තොගයක්ද සමඟින්.
මෙම සැකකරු කුළි ගමන් යන මගීන් නංවාගෙන පසුව ඔවුන්ට සිසිල් බීමවලට මත්ද්‍රව්‍ය එක් කර ලබාදී සිහිසුන් වූ පසු මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කන බවටයි වාර්තා වන්නේ.
පසුගිය අටවනදා මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ දීද මොහු පුද්ගලයෙකු මෙලෙස ත්‍රිරෝද රථයේ නංවාගෙන ගොස් පසුව මත්ද්‍රව්‍ය ලබාදී සිහිසුන් වූ පසුව මුදල් සහ රන් බඩු කොල්ලකා පලාගොස් තිබුණා.
සිද්ධියෙන් සිහිසුන් වූ පුද්ගලයා පසුව අධිකාරීගම ප්‍රදේශයේ දමාගොස් තිබූ අතර ඔහුගේ ඥාතීන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි පොලීසිය මේ සම්බන්ධනේ පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ.
ඒ අනුව පල්ලෙකැලේ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 43 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ ආකාරයට මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා ඇති බවද පොලීසිය සඳහන් කළා.