Gossips

බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙකුට මත්කුඩු රැගෙන ගිය 5ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බදුල්ල රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සිය පියාට දන්තාලේප ඇසුරුමක හෙරොයින් සහ සබන් කැටයක සඟවා ජංගම දුරකථන සිම් කාඩ්පතක් ලබාදීමට උත්සාහ කළ පුතෙකු ඇතුලූ සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බදුල්ල පොලීසියට ලද තොරතුරක් මත පළමුව සැකකරුවන් දෙදෙනෙකු බදුල්ල බන්ධනාගාරය ඉදිරියේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අනෙක් සැකකරුවන් තුන්දෙනා බදුල්ල – විනීතගම ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 24 ත් අතර වයස්වල පසුවන්නන්.