Gossips

කථානායකගේ තීරණය පිළිගන්නේ නැහැ – ඇමති දිනේෂ්

පාර්ලිමේන්තුවේ අද සිදු වූ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සභාව කල් තැබීමෙන් පසුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ මෙම ක්‍රියාවලිය ව්‍යවස්ථා විරෝධී බවයි.
කථානායකවරයාගේ ක්‍රියාකලාපය ස්ථාවර නියෝගවලට මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායට ද පටහැනි බව ප්‍රකාශ කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙය ඒකාබද්ධ විපක්ෂය පිළිනොගන්නා බව සදහන් කළා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ නව අගමැතිවරයෙකු පත් කර ගැනීමට විපක්ෂයට අවශ්‍ය නම් බහුතරයගේ අත්සන් ඇතුලත් ලේඛණයක් ජනාධිපතිවරයාට භාර දෙන ලෙසටයි.