Gossips

ශ්‍රී ලංකන් සභාපති යළි වෙනස් වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ පත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු ඉල්ලා අස්වීමෙන් පසු ඊයේ දිනයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු වන කපිල චන්ද්‍රසේන නව සභාපතිවරයා ලෙස පත් කර ඇති බව එම ගුවන් සමාගම ඊයේ සදහන් කළා.
කෙසේ වෙතත්, අද දිනයේ තමන්ව එම ධුරයට පත් කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එස්.විතානගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සදහන් කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ මනෝ තිත්තවැල්ල ද පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණා.