Gossips

පාර්ලිමේන්තු යනවා ද? නැද්ද ? – ආණ්ඩු පක්ෂයේ තීරණය ජනපති සහ අගමැති හමුවීමෙන් පසු

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි සඳහන් කළේ පෙරවරු 9ට පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ කියා සිටියේ.