Gossips

පාර්ලිමේන්තුව අද රැස් වන බව කථානායක කියයි – විශේෂ පක්ෂ නායක රැස්වීමකුත් පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද (14) උදෑසන 10 ට රැස්වන බව කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගිය 4 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවද කථානායක කාර්යාලය නිවේදනය කළා.
අද රැස්වෙන පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට උදෑසන 8.30 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවයි එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇති බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
එමෙන්ම හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේ අද දිනයේදී පාර්ලිමේන්තුව අවට සහ ඉන් ඇතුළත විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.