Gossips

අගමැති මහින්ද අමරපුර නිකායේ මහ නාහිමියන්ගේ ආශිර්වාද ලබාගනී

සියළු පාර්ශවයෙන්ගේ දායකත්වයෙන් ගැටළු නිරාකරණය කරගෙන රට සංවර්ධනය කරා ගෙන යන ලෙස අමරපුර මහා නිකායේ මහා සංඝ රත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අනුශාසනා කළා.
ඒ, අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ගල්කිස්ස – ශ්‍රී ධර්මපාලාරාමයට පැමිණි අවස්ථාවේදීයි.
එහිදී අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශීර්වාද ලබාගත්තා.