Gossips

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බව ජ.වි.පෙ. නායකයා කියයි

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 29 වන ඉල්මහ විරු සමරුව කොළඹදී අද අමතමින් එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මහනුවර නගර ශාලාවේදී අද ඉල්මහ විරු සමරුවක් සංවිධාන කර තිබුණා.