Gossips

දූවිලි කුණාටුවකින් කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑම්

දූවිලි කුණාටුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ – කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ චාල්විල් ප්‍රදේශ දුඹුරු පැහැති දුමාරයෙන් වැසි ගොස් තිබෙනවා.
දූවිලි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටී නිවෙස්වලට සහ ගොඩනැගිලිවලට ද හානි සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පැයට කිලෝමීටර් 96ක වේගයෙන් මෙම දූවිලි කුණාටුව හමා යන අතර කිලෝමීටර් 200ක් පුරා මෙය පැතිර ගොස් තිබෙනවා.