Gossips

ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ගැන මැතිවරණ කොමසාරිස් පහදයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ගොනු කළා.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු අධිකරණය හමුවට යාම සම්බන්ධයෙන් අදහස් පළ වුණා.