Gossips

බාලවයස්කාර දැරියකගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කළ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 16ක බාල වයස්කාර දැරියක් සමග හාද වී මැසෙන්ජර් තාක්ෂණය හරහා ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන මිතුරන් අතරේ බෙදාහැරි බව කියන වයස අවුරුදු 17ක බාලවයස්කාර සිසුවෙකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරය මගින් රැදවුම් නිවාසයක රදවා තබන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක නියෝග කර තිබෙනවා.
එලෙස රැදවුම් ළමා නිවාසයක රදවා තැබීමට නියම වූයේ සදලංකාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 17 හැවිරිදි පාසැල් සිසුවෙක්.
පොලිසිය සැකකාර සිසුවා අධිකරණය හමුවේ ඉදිරිපත්කරමින් කියා සිටියේ අදාළ සිසුවියගේ නිරුවත් ඡායාරූප එකතුකොට තවත් පරිඝනකයකට ඇතුළත් කර ඇති බවත් අදාළ පරිඝනකයද අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.
සැකකාර සිසුවාගේ නිවසට සම වයසේ පිරිස් නිරන්තරයෙන් පරිඝනක ක්‍රීඩා කිරීමට හා විවිධ වර්ගයේ චිත්‍රපට නැරඹීමට පැමිණෙන බවත් ඒ අවසරයෙන් සමාජයේ විවිධ පුද්ගලයින් අතර මෙම ඡායාරූප සංසරණය වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
පසුව සිසුවියගේ පාසැලේ ගුරුවරුන් අතට මෙම ඡායාරූප ගොස් ඇතිබවත් අනතුරුව ගුරුවරුන් විසින් දෙමාපියන් දැනුම්වත් කර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර