Gossips

මැතිවරණයට පෙර ඇමති එස්.බී.ගෙන් ඡන්ද ප්‍රතිඵලයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සකස් කිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් ඊයේ (12) පැවති සාකච්ඡාවකදී අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.
එම සාකච්ඡාව පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී නව සන්ධානයේ නම සහ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණි බවයි සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍ය එස්.බී.දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් එක් එක් දේශපාලන පක්ෂ ලබා ගන්නා ප්‍රතිඵල සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කර සිටියා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 65න් පහළට වැටෙන බවත්, තම සන්ධානය ආසන 120ක පමණ ජයක් හිමි කර ගන්නා බවත්, දෙමළ ජාතික සන්ධානයේ ආසන 16, ආසන 14කට පමණ අඩු වන බවත්, ඔහු කියා සිටියා.
එසේම අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. පක්ෂයට තවත් පාර්ලිමේන්තු ආසන දෙකක් පමණ එකතු වන බවත්, රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ ආසන 5, 3ක් දක්වා පහත වැටෙන බවත් රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් කොංග්‍රසයේ ආසන සංඛ්‍යාව හතේ සිට 4 දක්වා අඩුවීමට ඉඩකඩ පවතින බවත්, අමාත්‍ය එස්.බී. දිසානායක කියා සිටියා.