Gossips

ජවිපෙට සහ ටී.එන්.ඒ.ට ජනිපෙන් චෝදනා

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පැවති රජය යළි බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
කොළඹ අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්ම්ල් මේ බව කියා සිටියා.
එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ විසින් පිහිටුවන ලද ජනතා සේවක පක්ෂය ද රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (13) කොළඹදී කැඳවා තිබුණා.