Gossips

ජීවිතයක් බිලිගත් මහ මඟ සිටි ගවයා (ඡායාරූප)

මඩකලපුව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ වටවාන් ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ අනතුරකින් 24 හැවිරිදි යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.
යතුරුපැදිය, මාර්ගයේ රැඳී සිටි ගවයෙකුගේ ගැටීමෙන් යතුරුපැදිකරු මාර්ගයේ හරහා වැටී ඇති අතර එම අවස්ථාවේ පැමිණි කැබ් රථයක් යතුරුපැදිකරුගේ ශරීරය මතින් ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අදාල තරුණයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසට යන අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
මේ අතර පුත්තලම – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මාතලේ මංසන්ධිය අසළ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
පොලීසිය සඳහන් කළේ මිහින්තලේ සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ ගල්කුලම දෙස සිට මාතලේ මංසන්ධිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව 21 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
මඩකලපුව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුර


ඡායාරූප – ත්‍රිකුණාමලය, අබ්දුල්සලාම්