Gossips

ඊශ්‍රායලයේ සරණාගතභාවය පැතූ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට

සංචාරක වීසා මත පැමිණ ඊශ්‍රායලයේ සරණාගතභාවය පැතූ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු සති දෙකක කාලයක් තිස්සේ එරට බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වනවා.
ටෙල් – අවීව් නුවර බෙන් ගූරියන් ගුවන් තොටුපළෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ මොවුන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන්.
මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ඊශ්‍රායලයේ යහලොම් ප්‍රදේශයේ රැදවුම් කඳවුරකට රැගෙන ගොස් ඇති අතර, එහි ඊශ්‍රායල රජයේ බලපවත්වන නීතිය ක්‍රියාත්මක නොවීම විශේෂත්වයක්.
ඒ අනුව ඔවුන් අධිකරන විභාගයකින් තොරව රදවා තබා ගැනීමට අවසර ලැබෙන බවයි ජෙරුසෙලම් පෝස්ට් පුවත්පත සඳහන් කළේ.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊශ්‍රායල බලධාරීන් වෙත පවසා ඇත්තේ තමන් සිය රට තුළ දී තර්ජනවලට ලක්වන බවයි.