Gossips

ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගය අද (13) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය අවට පොලිස් නිලධාරින් සහ කැරලි මර්දන කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරනු ලැබුවා.
පසුව, එය විභාගයට ගත් අතර නීතිපති නලින් පෙරේරාට කරුණු දැක්වීම සදහා කාලය ලබා දීමට අද පෙරවරු 10 දක්වා එය කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.