Gossips

බීමතින් පැමිණ නොහොබිනා දෙයක් කළ තරුණයන් දෙදෙනෙක් පොලිසියට කොටු

බීමතින් පැමිණ, තරුණියන් දෙදෙනෙකුට සිය රහසඟ පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනෙක් ගලේවෙල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
උපන්දින සාදයක් අවසන් වී බීමතින් ගලේවෙල, තලකිරියාගම ප්‍රදේශයේ අපනශලාවකට පැමිණි අදාල තරුණයින් දෙදෙනා දුම්වැටියක් ඉල්ලා තිබෙනවා.
එහිදී සිදුවූ බහින් බස්වීමක් අතර තුර එම අපනශලාවේ සේවය කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට පහර දී අසභ්‍ය වචන වචනයෙන් බැන වැදී තරුණයන් දෙදෙනා ඇඳ සිටි කලිසම් ගලවා ඔවුන්ගේ රහසඟ පෙන්වා ඇති බවයි පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
එම අවස්ථාවේදී තරුණියන් දෙදෙනා මුහුණට සහ ඇඟට වැලිගසා ඔවුන්ගෙන් බේරී ඇති අතර අවට සිටි පිරිස පැමිණෙනවාත් සමඟ සැකකරුවන් දෙදෙනා දෙදෙනා පැමිණි යතුරුපැදිය ද දමා පලා ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අදාල සැකකරුවන් දෙදෙනා අඩංගුවට ඇති අතර මොවුන්ගෙන් එක් අයෙක් විවාහක පුද්ගලයෙක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ගලේවෙල පොලිසිය සඳහන් කළේ.
සැකකාර තරුණයින් දෙදෙනා ගලේවෙල පහල වැව ප්‍රදේශයේ සහ කුරක්කන් හේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.